Monday, November 25, 2013

ගෘහස්ථ කර්මාන්ත නව මගකට ‍යොමු කළ සූරියවැව පාවහන් නිෂ්පාදක ව්‍යවසායක‍‍යෝ

සූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් පවත්වන ලද පාවහන් නිෂ්පාදනය කිරීමේ පැය සියයක වැඩමුළුවට සහබාගී වූ පුහුණූලාභීන් අතරින් කිහිප‍දෙ‍නෙකු දැනටමත් නව ව්‍යාපාර වලට අත ගසා ඇති බව පසුගිය දිනවලදී අප විසින් සිදුකල ක්‍ෂේත්‍ර රාජකාරි වලදී දක්නට ලැබුණි. තවද එහිදී දක්නට ලැබුන වි‍ශේෂිත කරුණක් වූ‍යේ ‍මෙම ක්‍ෂේත්‍රයට ආගනතුකයින් වූ ඔවුන් තුලින් දැනට ‍වෙළඳ ‍පොළ තුල දක්නට ‍නොලැ‍බෙන නව නිර්මාණ කිහිපයකින් යුතු වූ පාවහන් නිෂ්පාදන දක්නට ලැබීමයි. " විදාතා‍වෙන් දිවිය ජය ගන්නට ‍වෙර දරණ දිරිය ව්‍යවසායක‍යෝ "

Monday, November 11, 2013

‍දෛවයට අභි‍යෝග කරනා...... ආනන්ද නම් තරුණයා....

ආනන්ද යනු සූරියවැව ප්‍රාදේශීය ‍ලේකම් ‍‍කොට්ඨාශ‍යේ ජීවත්වන ‍යොවුන්වි‍යේ පසුවන තරුණ‍යෙකි. නමුත් ඔහුට ‍‍සොබාදහම නම් අන් අයට ‍මෙන් සළකා නැත. උපතින්ම දෑත් සහ ‍දෙපා විකෘතිව පිහිටා ඇති බැවින් ඔහුට සෘජුව ඇවිදීමට ‍වාඩිවී සිටීමට හෝ කුමන‍හෝ අයුරකින් සෘජුව සිටීමට ‍නොහැකිය. උපන්දා සිටම ඔහු සිටින්‍ ‍නේ උඩුබැලි අතටය. නමුත් ‍ඔහු‍ගේ බුද්ධිය සම්බන්ධ‍යෙන් අකාරුණික වීමට සොබා දහමට අමතක වූවාදැයි සැක සහිතය. මන්ද අද ආනන්ද බුද්ධිය ‍මෙ‍හෙයවීම තුලින් ‍දෛවයට අභි‍යෝග කරමින් සාර්ථකව ඉදිරියට ඇ‍දෙන පුද්ගල‍යෙකි. ‍මේවන විට ඔහු රූපවාහිණී යන්ත්‍ර, ගුවන්විදුලි යන්ත්‍ර සහ ගෘහාශ්‍රීත විදුලි උපාංග අළුත්වැඩියා කිරී‍මේ සහ එකලස් කිරී‍මේ ප්‍රවීණයකු වී සිටින්නේ ස්‍‍වෝත්සාහී උත්සාහයක ප්‍රත්ඵළයක් ‍ලෙසිණි. ඔහු‍ගේ ‍මෙම අධිෂ්ඨානශීලී ‍පෙර ගමනට යම් දායකත්වයක් දැක්වීමට හැකිවීම සූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානය ‍ලෙස අප ලද මහත් භාග්‍යක් ‍ලෙස සැළකිය හැකිය. මන්ද පරිඝණක හැසිරවීම,අළුත්වැඩියාව වැනි තාක්ෂණික කාර්යයන්ට ආනන්ද අතගසන්නේ සූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් ඔහු සිටින ස්ථානයටම ‍ගොස් ඔහු ‍වෙත ලබා ‍දෙන ලද පරිඝණක මෘදුකාංග සහ දෘඩාංග පිළිබඳ ප්‍රායෝගික පුහුණූව සාර්ථකව නිම කිරීම මගිනි. ඔහු දැන් පරිඝණක අළුත්වැඩියාව සම්බන්ධ‍යන් විදාතාවද පසුකර ‍ගොස් හමාරය. එපමණක් ‍නොව අනන්ද‍ගේ වැඩිමහළු ස‍හෝදරියට ‍සොබාදහම සළකා ඇත්‍ තේ ආනන්දට ‍බෙදන ලද හැන්දෙන්මය. ඇයද ශරීරාංගවලින් ආනන්ද වැනිමය. නමුත් ආනන්ද අද ඇයට ඔහු‍ගේ විදුලි උපකරණ අළුත්වැඩියා කිරී‍මේ ආයතන‍යේ මාසික වැටුපක් ‍ගෙවන රැකියාවක් ලබා දී ඇත. ඇයද ආනන්ද හා හරි හරියට විදුලි උපකරණ අළුත්වැඩියා‍වේ ‍යෙ‍දෙන්නේ දෑත දෙපා ශක්තිමත්ව ලද අප වැන්නවුන්ට ලජ්ජාවක් උපහාසයක් ඇති කරමිණි.

Monday, November 4, 2013

පාවහන් නිෂ්පාදන වැඩමුළුවෙහි අවසන් නිර්මාණ ප්‍රදර්ශණය සහ අ‍ලෙවිය

සූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් 2013 වසරේදී පවත්වන තාක්ෂණික හුවමාරු පුහුණු වැඩසටහන් මාලාවෙහි තවත් අධියරක් ලෙස 2013 ඔක්තෝම්බර් මස 24 වන ස‍දුදා දින ආරම්භ කරණ ලද පාවහන් නිෂ්පාදනය කිරීමේ පැය සියයක වැඩමුළුවෙහි අවසන් නිෂ්පාදන ප්‍රදර්ශණය සහ සහතික පත් ප්‍රදානය කිරීම 2013 ඔක්තෝම්බර් මස 24 වන බ්‍රහස්පතින්දා දින ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සැළසුම් කර ඇත. තවද මෙහිදී එම පුහුණූලාභීන් විසින් පුහුණු කාලසීමාව තුල නිෂ්පාදනය කරන ලද පාවහන් සහනදායි මිලකට අලෙවි කිරීමද සිදුකරණු ලබන බැවින් සූරියවැව ආසන්න ඔබ සැමට පාවහන් මිලදී ගැනීමට පැමිණෙන ලෙස ආරාධනා කර සිටිමු.

සහතිකපත් ප්‍රදානය

දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය මගින් ලබාගත් මුල්‍යමය දායකත්වය මත සූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් ‍මෙම වසර තුලදී ජංගම දුරකථණ අඑත්වැඩියා කිරී‍මේ ප්‍රායෝගික පුහුණු පාඨමාලාවක්. පාවහන් නිෂ්පාදනය කිරීම පිළිබඳ ප්‍රායෝගික පුහුණූ පාඨමාලාවක් සහ ආහාර සැකසුම් තාක්ෂණය පිළිබඳ ප්‍රායෝගික පුහුණු පාඨමාලාවක් ‍ලෙස ඉතා සාර්ථකව පාඨමාලා තුනක් පවත්වා ඇති අතරම‍, එම පාඨමාලා සාර්ථකව නිමකල පුහුණුලාභීන් ‍වෙත සහතිකපත් ප්‍රදානය පසුගිය ඉරිදා(2013/11/03) දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‍යේ පාර්ලි‍මේන්තු‍වේ කථානායක ගරු චමල් රාජපක්ෂ මැතිතුමා‍ගේ ප්‍රධානත්ව‍යෙන් සහ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු ශ්‍යාම්විජයලාල් ද සිල්වා, වි‍දේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ගරු ඩිලාන් ‍පෙරේරා මැතිතුමා, සුරියවැව ප්‍රාදේශීය ‍ලේකම් ගරු නිශාන් පතිරණ මැතිතුමා ඇතුඑ පළාත් සහ ප්‍රාදේශීය ‍දේශපාලන අධිකාරි‍යේ ‍මෙන්ම රාජ්‍ය නිලධාරීන්‍‍ගේ සහභාගීත්ව‍යෙන් සුරිය වැවදී සිදු කරණ ලදි. තවද එම පාවහන් නිෂ්පාදන පුහුණූ පාඨමාලාව සාර්ථකව නිමකර නව ව්‍යවසායකත්වයක් ආරම්භ කිරීමට බලා‍පො‍‍රොත්තුවන පුහුණුලාභීන්හට ඉදිරි‍යේදී ඒ සඳහා අවශ්‍යවන උපකරණ කට්ටලය බැගින් ‍නොමිල‍යේ ලබා දීමට අවශ්‍ය කටයුතු සළසන බව ගරු චමල් රාජපක්ෂ මැතිතුමා‍ පවසන ලදි.