Monday, November 11, 2013

‍දෛවයට අභි‍යෝග කරනා...... ආනන්ද නම් තරුණයා....

ආනන්ද යනු සූරියවැව ප්‍රාදේශීය ‍ලේකම් ‍‍කොට්ඨාශ‍යේ ජීවත්වන ‍යොවුන්වි‍යේ පසුවන තරුණ‍යෙකි. නමුත් ඔහුට ‍‍සොබාදහම නම් අන් අයට ‍මෙන් සළකා නැත. උපතින්ම දෑත් සහ ‍දෙපා විකෘතිව පිහිටා ඇති බැවින් ඔහුට සෘජුව ඇවිදීමට ‍වාඩිවී සිටීමට හෝ කුමන‍හෝ අයුරකින් සෘජුව සිටීමට ‍නොහැකිය. උපන්දා සිටම ඔහු සිටින්‍ ‍නේ උඩුබැලි අතටය. නමුත් ‍ඔහු‍ගේ බුද්ධිය සම්බන්ධ‍යෙන් අකාරුණික වීමට සොබා දහමට අමතක වූවාදැයි සැක සහිතය. මන්ද අද ආනන්ද බුද්ධිය ‍මෙ‍හෙයවීම තුලින් ‍දෛවයට අභි‍යෝග කරමින් සාර්ථකව ඉදිරියට ඇ‍දෙන පුද්ගල‍යෙකි. ‍මේවන විට ඔහු රූපවාහිණී යන්ත්‍ර, ගුවන්විදුලි යන්ත්‍ර සහ ගෘහාශ්‍රීත විදුලි උපාංග අළුත්වැඩියා කිරී‍මේ සහ එකලස් කිරී‍මේ ප්‍රවීණයකු වී සිටින්නේ ස්‍‍වෝත්සාහී උත්සාහයක ප්‍රත්ඵළයක් ‍ලෙසිණි. ඔහු‍ගේ ‍මෙම අධිෂ්ඨානශීලී ‍පෙර ගමනට යම් දායකත්වයක් දැක්වීමට හැකිවීම සූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානය ‍ලෙස අප ලද මහත් භාග්‍යක් ‍ලෙස සැළකිය හැකිය. මන්ද පරිඝණක හැසිරවීම,අළුත්වැඩියාව වැනි තාක්ෂණික කාර්යයන්ට ආනන්ද අතගසන්නේ සූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් ඔහු සිටින ස්ථානයටම ‍ගොස් ඔහු ‍වෙත ලබා ‍දෙන ලද පරිඝණක මෘදුකාංග සහ දෘඩාංග පිළිබඳ ප්‍රායෝගික පුහුණූව සාර්ථකව නිම කිරීම මගිනි. ඔහු දැන් පරිඝණක අළුත්වැඩියාව සම්බන්ධ‍යන් විදාතාවද පසුකර ‍ගොස් හමාරය. එපමණක් ‍නොව අනන්ද‍ගේ වැඩිමහළු ස‍හෝදරියට ‍සොබාදහම සළකා ඇත්‍ තේ ආනන්දට ‍බෙදන ලද හැන්දෙන්මය. ඇයද ශරීරාංගවලින් ආනන්ද වැනිමය. නමුත් ආනන්ද අද ඇයට ඔහු‍ගේ විදුලි උපකරණ අළුත්වැඩියා කිරී‍මේ ආයතන‍යේ මාසික වැටුපක් ‍ගෙවන රැකියාවක් ලබා දී ඇත. ඇයද ආනන්ද හා හරි හරියට විදුලි උපකරණ අළුත්වැඩියා‍වේ ‍යෙ‍දෙන්නේ දෑත දෙපා ශක්තිමත්ව ලද අප වැන්නවුන්ට ලජ්ජාවක් උපහාසයක් ඇති කරමිණි.

No comments:

Post a Comment