Wednesday, December 18, 2013

පරිඝණක පාඨමාලා සහතිකපත් ප්‍රදානය.

සූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් 2013 වසරෙහි පවත්වන ලද පළමු පරිඝණක පාඨමාලාව සාර්ථකව නිමකර අවසන් පරීක්ෂණයට ඉදිරිපත්වී ඉන් සමත් වූ පුහුණූලාභීන් 34 දෙනකු සඳහා සහතිකපත් ප්‍රදානය සූරියවැව ප්‍රාදේශීය ලේකම් නිශාන් පතිරණ මහත්මාගේ ප්‍රධානත්වයෙන් 2013.12.18 දින ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි. එම අවස්ථාවට සූරිවැව විදාතා සම්පත් මධ්‍යස්ථාන විද්‍යා හා තාක්ෂණ නිලධාරී, ක්ෂෞත්‍ර සම්බන්ධීකරණ නිලධාරි, පරිඝණක දත්ත සටහන් ක්‍රියාකරු සහ කාර්යාල කාර්ය සහායක නිලධාරි යන අයද සහභාගී විය.

Tuesday, December 3, 2013

පරිඝණක ද්‍රෘඩාංග පිළීබඳ ‍තෙදින ප්‍රායෝගික පුහුණූ වැඩමුළුව

සූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් 2013 වස‍රේ පවත්වනු ලබන අවසාන ප්‍රායෝගික පුහුණූ වැඩමුළුව ‍ලෙස පරිඝණක දෝෂ හඳුනා ගැනීම, ‍පරිඝණක ‍දෝෂ නිවාරණය,පරිඝණක එකලස් කිරීම සහ පරිඝණක මෘදුකාංග ස්ථාපණය කිරීම ආදී පරිඝණක ක්‍ෂේත්‍රය සම්බන්ධ ප්‍රායෝගික පුහුණූ වැඩමුළුවක් 2013/12/18,19 සහ 20 යන ‍තෙදින සූරියවැව ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාර‍යේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත. ‍ 2013 වස‍රේදී සූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් පවත්වන ලද මූලික පරිඝණක පාඨමාලාව හදාරණ ලද සිසුන් ඉලක්ක කර ‍මෙම පුහුණූ වැඩමුළුව පවත්වන අතර ඒ සඳහා උනන්දුවක් දක්වන අ‍නෙකුත් පුහුණු අවශ්‍යතාවයන් සහිත පුද්ගලයින් සිටී නම් ඒ අයටද සහභාගී වීමට අවශ්‍ය කටයුතු සැළසිය හැකිය.