දුරකථන - 0472889090 .. ෆැක්ස් - 0472289090 .. ඊ මේල් - sooriyavrc@gmail.com
Monday, November 4, 2013
පාවහන් නිෂ්පාදන වැඩමුළුවෙහි අවසන් නිර්මාණ ප්‍රදර්ශණය සහ අලෙවිය
සූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් 2013 වසරේදී පවත්වන තාක්ෂණික හුවමාරු පුහුණු වැඩසටහන් මාලාවෙහි තවත් අධියරක් ලෙස 2013 ඔක්තෝම්බර් මස 24 වන සදුදා දින ආරම්භ කරණ ලද පාවහන් නිෂ්පාදනය කිරීමේ පැය සියයක වැඩමුළුවෙහි අවසන් නිෂ්පාදන ප්‍රදර්ශණය සහ සහතික පත් ප්‍රදානය කිරීම 2013 ඔක්තෝම්බර් මස 24 වන බ්‍රහස්පතින්දා දින ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සැළසුම් කර ඇත. තවද මෙහිදී එම පුහුණූලාභීන් විසින් පුහුණු කාලසීමාව තුල නිෂ්පාදනය කරන ලද පාවහන් සහනදායි මිලකට අලෙවි කිරීමද සිදුකරණු ලබන බැවින් සූරියවැව ආසන්න ඔබ සැමට පාවහන් මිලදී ගැනීමට පැමිණෙන ලෙස ආරාධනා කර සිටිමු.
සහතිකපත් ප්‍රදානය
දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය මගින් ලබාගත් මුල්‍යමය දායකත්වය මත සූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් මෙම වසර තුලදී ජංගම දුරකථණ අඑත්වැඩියා කිරීමේ ප්‍රායෝගික පුහුණු පාඨමාලාවක්. පාවහන් නිෂ්පාදනය කිරීම පිළිබඳ ප්‍රායෝගික පුහුණූ පාඨමාලාවක් සහ ආහාර සැකසුම් තාක්ෂණය පිළිබඳ ප්‍රායෝගික පුහුණු පාඨමාලාවක් ලෙස ඉතා සාර්ථකව පාඨමාලා තුනක් පවත්වා ඇති අතරම, එම පාඨමාලා සාර්ථකව නිමකල පුහුණුලාභීන් වෙත සහතිකපත් ප්‍රදානය පසුගිය ඉරිදා(2013/11/03) දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ කථානායක ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු ශ්‍යාම්විජයලාල් ද සිල්වා, විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ගරු ඩිලාන් පෙරේරා මැතිතුමා, සුරියවැව ප්‍රාදේශීය ලේකම් ගරු නිශාන් පතිරණ මැතිතුමා ඇතුඑ පළාත් සහ ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්‍ගේ සහභාගීත්වයෙන් සුරිය වැවදී සිදු කරණ ලදි.
තවද එම පාවහන් නිෂ්පාදන පුහුණූ පාඨමාලාව සාර්ථකව නිමකර නව ව්‍යවසායකත්වයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන පුහුණුලාභීන්හට ඉදිරියේදී ඒ සඳහා අවශ්‍යවන උපකරණ කට්ටලය බැගින් නොමිලයේ ලබා දීමට අවශ්‍ය කටයුතු සළසන බව ගරු චමල් රාජපක්ෂ මැතිතුමා පවසන ලදි.
Monday, October 21, 2013
පාවහන් නිෂ්පාදනය කිරීමේ පැය සියයක වැඩමුළුව
සූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් 2013 වසරේදී පවත්වන තාක්ෂණික හුවමාරු පුහුණු වැඩසටහන් මාලාවෙහි තවත් අධියරක් ලෙස 2013 ඔක්තෝම්බර් මස 7 වන සදුදා දින ආරම්භ කරණ ලද පාවහන් නිෂ්පාදනය කිරීමේ පැය සියයක වැඩමුළුවෙහි අවසන් නිෂ්පාදන ප්‍රදර්ශණය සහ සහතික පත් ප්‍රදානය කිරීම 2013 ඔක්තෝම්බර් මස 24 වන බ්‍රහස්පතින්දා දින ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සැළසුම් කර ඇත. තවද මෙහිදී එම පුහුණූලාභීන් විසින් පුහුණු කාලසීමාව තුල නිෂ්පාදනය කරන ලද පාවහන් සහනදායි මිලකට අලෙවි කිරීමද සිදුකරණු ලබන බැවින් සූරියවැව ආසන්න ඔබ සැමට පාවහන් මිලදී ගැනීමට පැමිණෙන ලෙස ආරාධනා කර සිටිමු.
Wednesday, September 18, 2013
තාක්ෂණික හුවමාරු පුහුණු වැඩසටහන්
සූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් 2013 වසරේදී පවත්වන තාක්ෂණික හුවමාරු පුහුණු වැඩසටහන් මාලාවෙහි තවත් අධියරක් ලෙස 2013 ඔක්තෝම්බර් මස 24 වන බ්‍රහස්පතින්දා දින මිරිධිය මසුන් මගින් දුම්ගැසූකරවල සහ බෝතල්කල ඇඹුල්තියල් නිෂ්පාදනය කිරීමේ ප්‍රාෙයා්ගික පුහුණු වැඩමුලුවක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇත. ඒ සදහා උනන්දුවක් දක්වන අය සිටී නම් විදාතා සම්පත් මධයස්ථානයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
Subscribe to:
Posts (Atom)
