Sunday, November 6, 2022

සූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානයෙහි බ්ලොග් අඩවිය

2013 වසරෙදී මවිසින් සූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානය සඳහා බ්ලොග් අඩවියක් නිර්මාණය කරන ලදි. එතුලින් මා බලාපොරොත්තු වූයේ ප්‍රජාව වෙත විදාතා සම්පත් මධ්‍යස්ථානයීය තොරතුරු මෙන්ම කාලීන වටිනාකමක් ඇති තොරතුරු සන්නිවේදනය කිරීමට අවස්ථාවක් ලබා ගැනීමයි. නමුත් පසු කාලීනව මාගේ කාර්ය බහුලත්වයත්, ගම තුල තාක්ෂණ හිදැස පිරවීමට නිර්මාණය වූ විදාතා සංකල්පය පිළිබඳ රාජ්‍ය මට්ටමේ පැවති නොසලකා හැරීමත් ආදිය හේතු කොට ගෙන යාවත්කාලීන තොරතුරු බ්ලොග් අඩවිය වෙත මුදාහැරීම මවිසින් නතර කර දමන ලදි. නමුත් මේ වන විට විදාතා සම්පත් මධ්‍යස්ථාන අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගෙන ඇති බැවින් නැවතත් අප බලාපොරොත්තු පරිදි විද්‍යාත්මක පදනමේ සේවාවක් ප්‍රජාව වෙත සැපයීමට අවස්ථාවක් නිර්මාණය වේ යයි යන ධනාත්මක අදහස මත නැවත බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමට මා අදහස් කරන ලදි. එනිසා අද සිට නැවතත් සූරියවැව විදාතා සම්පත් මධ්‍යස්ථානයීය තොරතුරු සහ කාලීන මෙන්ම වැදගත්කමක් සහිත තොරතුරු මින් ඉදිරියට ඔබ වෙත සමීප කිරීමට බලාපොරොත්තු වෙමි. විද්‍යා හා තාක්ෂණ නිලධාරි, විදාතා සම්පත් මධ්‍යස්ථානය, සූරියවැව.

No comments:

Post a Comment